Life Thoughts
දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ
නැතිව
හුදකලාවේ තනි වී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ
නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර... සඳ සිසිලස...
අතරේ හොයනවා බලනවා මේ
අපි කව්රුද......
ඉර බස යන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළුවර ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නේ ඈතින් ඈතට පාවී
සුළඟ සේ........
ගිනියම් ඉර......... සඳ සිසිලස ...
අතරේ හොයනවා බලනවා මේ
අපි කව්රුද.....
ගීයකි ලොව ..... සුවපත් කල
අතරේ අහනවා බලනවා මේ
දන්නවද යාලුවා ...... අපේ හිත කියන්නේ මහා පුදුම දෙයක්. ඔයා නොහිතන තරමේ බලයක් ඔයාගේ හිත තුල තියනවා. පොඩ්ඩක් හිතන්න ඔයාට තියෙන්නේ මම මේ කියන්න යන හිත් වර්ග දෙකෙන් කොයිකද කියලා........
01) - ඔයා පොඩි දේටත් ගොඩක් බය වෙනවද? ඇ වගේම තීරණයක් ගද්දි කෙලින් තීරණයක් ගන්න බැරිද? පුංචි දේටත් අඩනවද? මොනවටවතිදිරිපත් වෙන්නේ නැතුව පසු බසිනවද? ඔයාගේ හිතත් මේ වගේ නම් යාලු ඔයාට තියෙන්නේ දුර්වල හිතක්.
02) - ඔයාට පුලුවන්ද ක්ෂණික තීරණ ගන්න , ඒ වගේම ඔය හරි කැමතියි හැම දේටම ඉදිරිපත් වෙන්න ,තීරණයක් ගන්නේ දුර දිග හිතලද ? ඔයා ලේසියෙන් පසුබසින්නේ නෑ. කාටවත් ඔයාව වට්ටන්නත් බෑ. අන්න ඔයාට තියනවා හොද හයිය ප්‍රභල හිතක්.
කොහොම හරි මේ හිත් දෙකෙන් කොයික ඔයාට තිබුනත් මේ ලිපිය කියවන්න. එකෙන් ඔයාගේ life එකට මොනවම හරි දෙයක් add කරගන්න......
ඔයා අහලා දැකලා ඇති පොඩිවට පටන් අරන් ජීවිතේ ජයගත්තා අය ගැන. ඒ වගේම ලෝකේ සාර්ථක උන මිනිස්සුන්ගේ ජිවිත කතාවල් කියවද්දී හිතෙනවා නේද මේ මිනිස්සුන්ගේ හිත මෙච්චරටම හයියයිද කියලා....
දැන් බලන්නකෝ ජපන්නු දියුණු උන විදිය ... ඒ මොනවත් ඕන නෑ අපේ ක්‍රිකට් තරුව අර්ජුන රණතුංග ගැන හිතන්න. එයා කිසිම දෙයකටබය නෑ.මොකකින් වත් සැලෙන්නේ නෑ. එකනේ එය ලංකාවේ සාර්ථකම ක්‍රිකට් ක්‍රීඩකයා උනේ... ඒ වගේම 96 දී world cup එක ගේන්නත් පුළුවන් උනා...
ඒ උනාට යාලුවා ලංකාව කියන්නේ ඉරිසියාකාර මිනිස්සුන්ගෙන් පිරිච්ච රටක්. ඒ හින්දා ඔය මොන වැඩේ කරන්න ගියත් කොච්චරවත් බාධා , විරුද්දකම් , කේලාම් , හූනියම් ,තර්ජන මේවා එනවාමයි. ඒවාට සැලෙන්න එපා.ඔයා ඔයා ගැන විශ්වාස කරන්න. හැමදාම ඕනෑම දෙයක් මට කරන්න පුළුවන් කියන තැන ඉන්න.ඔයාට ලැබුන ජීවිතේට ආදරය කරන්න.අමතක කරන්නෙපා ඔයාගේ ජීවිතේට ඉලක්කයක් දීලා අන්න ඇ ඉලක්කය දිහාට ඔයාගේ ජිවිතේ ගෙනියන්න. ඔයාගේ ජිවිතේ සාර්ථක කරලා දෙන්න කියල දෙයියන්ට පුජා වට්ටි දිදී කන්නලව් කරනවට වඩා එක හොඳයි නේද? හිතලා බලන්න..........



grt wrk shashi...
ReplyDeletekeep it up